තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග ජය ගනිමින් සුපිරි තරු සහභාගිත්වයෙන් පැවති පළමු පන්දුවාර විස්ස තරගාවලියේ ජය 3-0ක් ලෙස හිමිකර ගැනීමට ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම සමත් විය.
ඒ අද (15) පැවති තරගාවලියේ තෙවැනි තරගයෙන් සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් ලබමිනි.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවති තරගයේ ලකුණු 220 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 19.5 ක් තුළදී කඩුලු 6 ක් දැවී තිබියදී එම ඉලක්කය හඹා යාමට සමත් විය.
ප්රවේගවත් ඉනිමක් ක්රීඩා කළ ජැක් කලිස් පන්දු 23 කදී ලකුණු 47 ක් රැස්කිරීමට සමත් විය. ඊට අමතරව වොරියර්ස් ජයග්රහණය වෙත රැගෙන ගිය රිකී පොන්ටින් නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය. එමෙන්ම ඔහුට අගනා සහායක් ලබාදුන් කුමාර් සංගක්කාර පන්දු 21 කදී ලකුණු 42 ක් රැස් කළේය.
තරගයේදී මුත්තයියා මුරලිදරන්ට කිසිදු කඩුල්ලක් දවාලීමට හැකි වූයේ නැත.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලාස්ටර්ස් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5 ක් දැවි ලකුණු 219 ක් රැස්කිරීමට සමත් විය. නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 56 ක් රැස්කළේ පන්දු 27 ක් පමණක් වැයකරමිනි. වේගවත් ඉනිමක් ගොඩ නැංවූ මහේල ජයවර්ධන ලකුණු 41 ක් රැස්කළේ පන්දු 18කිනි.
අවසන් තරගයේ වීරයා සම්මානය වොරියර්ස් කණ්ඩායමේ ජැක් කාලිස් විසින් හිමිකර ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේ එම කණ්ඩායමටම ක්රීඩා කළ කුමාර් සංගක්කාරයි.
සචින්ස් බ්ලාස්ටර්ස් 219/ 5 (පන්දුවාර 20)
සචින් තෙන්ඩුල්කාර් 56 (පන්දු 27 , 4x2, 6x6), සව්රව් ගංගුලි 50 (පන්දු 37 , 4x3, 6x3), මහේල ජයවර්ධන 41 (පන්දු 18 , 4x2, 6x4), ඩැනියෙල් විටෝරි 3/33 (පන්දුවාර 4), ඇන්ඩෘ සයිමන්ඩ්ස් 1/33 (පන්දුවාර 3)
වෝනස් වොරියර්ස් 224/ 4 (පන්දුවාර 19.5)
ජැක් කාලිස් 47 (පන්දු 23 , 4x4, 6x4), රිකී පොන්ටින් 43 (පන්දු 25 , 4x3, 6x2), කුමාර් සංගක්කාර 42 (පන්දු 21 , 4x4, 6x3), ග්රැහැම් ස්වාන් 2/21 (පන්දුවාර 4), කාල් හූපර් 4/37 (පන්දුවාර 4)