ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර රජිව් ගාන්ධි පිටියේ පැවැති තරගයෙන් ලකුණු 5ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
ඩේවිඩ් වෝනර්ගේ නායකත්වයෙන් යුතු හයිද්‍රාබාද් කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 159ක් රැස්කළේ කඩුලු හයක් වැයකරමිනි. එහිදී නායක වෝනර් පන්දු 54ක්දී ලකුණු 70ක් නොදැවී රැස්කිරීමට සමත්විය.
ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පංජාබ් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා රැස්කරගත හැකි වූයේ ලකුණු 154ක් පමණි. සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ භුවනේෂ්වර් කුමාර් පන්දුවාර 4දී ලකුණු 19ට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූයේය. ඒ අනුව තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබුවේ භුවනේෂ්වර් කුමාර්ය.