වේල්ස් 54 -09 උරුගුවේ
රග්බි ලෝක කුසලාන තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ අද (20දා) තරගයකින් උරුගුවේ කණ්ඩායම පරාජය කර ලකුණු 54 -09 ජයක් ලැබීමට ප්‍රබල වේල්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ ආරම්භයේදී යම් තරගකාරීත්වයක් කණ්ඩායම් දෙකෙන්ම දැකගත හැකිවූ අතර, කෙසේ නමුත් පළමු මිනිත්තු 20 අවසන් වනවිට ගෝල දිනුම් 02 ක් සාර්ථක කරගෙන සිටි වේල්ස් ක්‍රීඩකයෝ ලකුණු 14 එක්කරගෙන සිටියේය. ඒ වනවිට දඩුවම් පහර 02ක් පමණක් සාර්ථක කරගෙන සිටි උරුගුවේ කණ්ඩායම රැස්කරගෙන සිටියේ ලකුණු 06 ක් පමණි.
නමුත් වත්මන් ලෝක ශ්‍රේණිගතකිරීම්හි 05 වැනි ස්ථානයේ පසුවන වෙල්ස් ක්‍රීඩකයන්ට එම ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි ස්ථානයේ පසුවන ප්‍රතිවාදීන්ව පාලනය කිරීම එතරම් අභියෝගයක් නොවූ අතර, පළමු අර්ධය අවසන් වනවිට තවත් ගෝල දිනුම් 02 ක් සාර්ථක කරගනිමින් ඔවුන් 28 - 09 ක් ලෙස තරගයේ පෙරමුණගෙන සිටියේය. ඒ අතරවාරයේ උරුගුවේ ක්‍රීඩකයන්ට සාර්තක කරගැනීමට හැකිවූයේ දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු 03 ක් පමණි.
දෙවැනි අර්ධයේදී වේල්ස් ක්‍රීඩකයන්ගේ සටන්කාමීත්වය එලෙසින්ම පැවති අතර, ඒ අවසරයෙන් ඔවුන් සමස්ත තරගය අවසන් වනවිට තම ලකුණු පුවරුව ලකුණු 54 ක් දක්වා ඉහළ දමාගත්තේය. කෙසේ නමුත් උරුගුවේ ක්‍රීඩකන්ට මෙම අර්ධයේදී කිසිඳු ලකුණක් රැස්කරගැනීමට වේල්ස් ක්‍රීඩකයගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, ඒ හේතුවෙන් ලකුණු 54 - 09 ක් ලෙස වේල්ස් කණ්ඩායම හමුවේ පරාජය වැළඳගැනීමට සිදුවිය.