මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ ආරම්භක තරගයෙන් බොරැල්ල වෙස්ලි විදුහල පරදා ලකුණු 43-29 ක ජයක් හිමි කර ගැනීමට මරදාන ශා.ජෝශප් විදුහල සමත් විය.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ඉතා තියුණු විලාශයක් ගත් අතර එය නිමා වූයේ ලකුණු 24-21 ක් ලෙසින් වෙස්ලි විදුහල ඉදිරියෙන් සිටිමිනි.
ජයග්රාහී වෙස්ලි විදුහල ගෝල දිනුම් 5 ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කරද්දී වෙස්ලි විදුහල ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් තුනක් මගින් සිය ලකුණු රැස් කළහ.
අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භ වූ තරගාවලියේ ජනාධිපති කුසලානයේ පළමු තරගය ලෙස මෙය පැවැත්වූ අතර මෙම ජයග්රහණයත් සමගින් ශා.ජෝශප් විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය