විස්සයි20 තරග සඳහාත් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය අවශ්‍ය බව මහේල ජයවර්ධන සඳහන් කරනවා. ඊයේ ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පැවැති තරගයේදී තිලකරත්න ඩිල්ෂාන්ගේ දැවීයාමෙන් පසුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කළේය.
ඊයේ තරගයේදී ඩිල්ෂාන් කඩුලු මුවා කිරීමේ වරදට හසු වූ අතර ඒ පිළිබඳව සඳහන් කරන මහේල පවසන්නේ ලෝක කුසලාන තරගාවලියකදී විනිසුරන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දක්ෂතා පිළිබඳව කනගාටුවන බවත් මීට ඉදිරිපෙළ කඩුලු බිඳ වැටුණ පසු මීට වඩා තරගකාරී විය යුතු බවත් මහේල පවසයි.