ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති විස්සයි20 අන්තර්සමාජ ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට බදුරලිය ක්රීඩා සමාජය සමත්විය. ඔවුන් හමුවේ ප්රබල එස්.එස්.සී. කණ්ඩායම පරාජයට පත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායම ලකුණු 176ක් රැස්කළේය. ගිහාන් රූපසිංහ හා මිලින්ද සිරිවර්ධන අර්ධ ශතක රැස්කරමින් බදුරලිය ඉනිම ශක්තිමත් කළහ.
එයට පිළිතුරු ලෙස එස්.එස්.සී. කණ්ඩායමටරැස්කළ හැකිවූයේ ලකුණු 166ක් පමණි.