සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හි අද (10දා) පැවති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 09 ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ විස්සයි20 තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජයගැනීමට නවසීලන්තයට හැකිවූ අතර, ඒ වනවිටත් ඔවුන් ටෙස්ට් හා එක්දින තරගාවලියද ජයරගෙන සිටි හෙයින් ත්‍රිත්ව ශූරතාවට හිමිකම්කීමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 143 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලත්ත පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. සිය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට වැය වූයේ පන්දු 60 ක් පමණි.
මෙම තරගයේදී කොලින් මන්රෝ නවසීලන්තය වෙනුවෙන් පන්දු පන්දු 14කදී නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වු අතර, එය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ පිතිකරුවෙකු රැස්කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය විය. ඉන්දිවේ යුවරාජ් සිං (පන්දු 12) ලොව වේගවත්ම විස්සයි20 අර්ධ ශතකයට හිමිකම් කියයි
නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
ඉනිම ගොඩනැගීම කරමතට ගත් ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්න ශ්‍රී ලංකා ඉදිරිපෙළ හෝ පසුපෙළ කිසිඳු පිතිකරුවෙකුට ඉනිම නගාසිටුවීම සඳහා සාර්ථක ඉනිමක් ගොනැගීමට නොහැකි වූහ. නවසීලන්තය වෙනුවෙන් ග්‍රාන්ට් එළියට් ලකුණු 22කට කඩුලු 04 ක් දවාලූ අතර, ඇඩම් මිලන් හා මිචෙල් සැන්ට්නර් කඩුලු දෙක බැගින් දවාලූහ. තරගයේ වීරයා ලෙස කොලින් මන්රෝ සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකාව 142/8 (පන්දුවාර 20)
ධනුෂ්ක ගුණතිලක 8 (06, 4x1), තිලකරත්න ඩිල්ෂාන් 28 (26, 4x4), ශෙහාන් ජයසූරිය 3 (10), දිනේෂ් චන්දිමාල් 2 (04), ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 81 (49, 4x7, 6x4), මිලින්ද සිරිවර්ධන 0 (1), කිතුරුවන් විතානගේ 1 (4), තිසර පෙරේරා 6 (10), ඉසුරු උදාන 0 (2), ජෙෆ්රි වැන්ඩර්සෙ නොදැවී 8 (08, 4x1)
නවසීලන්තය පන්දු යැවීම
ග්‍රාන්ට් එළියට් 4/22 (4), මිචෙල් සැන්ට්නර් 2/24 (4), ඇඩම් මිලන් 2/36 (4)
කඩුලු වැටීම
1-11 (ධනුෂ්ක, 1.6 ov), 2-33 (ශෙහාන්, 5.3), 3-39 (චන්දිමාල්, 6.4), 4-63 (ඩිල්ෂාන්, 9.4), 5-66 (මිලින්ද, 10.3), 6-70 (කිතුරුවන්, 11.4), 7-98 (තිසර, 15.2), 8-103 (ඉසුරු, 15.6)
නවසීලන්තය 147/1 (පන්දුවාර 10)
මාටින් ගප්ටිල් 63 (25, 4x6, 6x5), කේන් විලියම්සන් 32 (21, 4x3), කොලින් මන්රෝ නොදැවී 50 (14, 4x1, 6x7)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
තිසර පෙරේරා 1/26 (2), ජෙෆ්රි වැන්ඩර්සෙ 0/41 (2), දුෂ්මන්ත චමීර 0/46 (3), ඉසුරු උදාන 0/34
කඩුලු වැටීම
1-89 (ගප්ටිල්, 6.4 ov)