අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගත්තද ක්රීඩා සමාජ තරග සඳහා ක්රීඩා කරන ශ්රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙළඳ සේවා ප්රිමියර් ලීග එක්දින තරගාවලියේදී ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
ඩිල්ෂාන් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ක්රීඩා කළ පළමු තරගය මෙය වූ අතර මාස් යුනිචෙලා කණ්ඩායමට ක්රීඩා කරන ඩිල්ෂාන් එහිදී අංක හතර පිතිකරුවා ලෙසින් පිටියට පිවිස වේගවත් ලකුණු 144ක් රැස්කිරීමට සමත්විය.
හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මාස් කණ්ඩායම ලකුණු නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු තුනකට ලකුණු 388 ක් රැස්කළේය. මාස් කණ්ඩායමට ක්රීඩා කරන ධනුෂ්ක ගුණතිලක මෙන්ම කුසල් ජනිත් පෙරේරාද මෙහිදී අර්ධ ශතක වාර්තා කළේය.
පළිතුරු ඉනිම ක්රීඩා කළ හැටන් නැෂනල් කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 222ක් පමණි. ඒ අනුව ලකුණු 166ක ජයක් මාස් යුනිචෙලා කණ්ඩායමට හිමිවිය.
සිතුවම සෙනරත් ධර්මතිලක