දැල්පන්දු ක්‍රීඩාකළ හැකි ශ්‍රී ලංකාවේ තිබෙන එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ එක් දිනක් හෝ පුහුණුවීම් සිදුනොකර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සිදු වූ බවත්, එවැනි අඩු පහසුකම් මධ්‍යයේ ජයග්‍රහණ බලාපොරොත්තුවිය නොහැකි බවත් ජාතික දැල්පන්දු පුහුණුකාරිනි දීප්ති අල්විස් මහත්මිය පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඉකුත්දා අවසන් වූ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකවීම පිළිබඳව හා ඉදිරි වැඩකටයුතු පිළිබඳව %අද^ කළ විමසීමකදී ඇය මෙම අදහස් පළ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලියේදී තමන්ගේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකවීම විවේචනය කරන පාර්ශ්ව පළමුව තමන්ට මුහුණදීමට සිදු වූ අඩුපාඩු පිළිබඳ සොයාබලා කථාකරන ලෙසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති අල්විස් මහත්මිය,
"ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවුණා. නමුත් එය අතීතයට අයිති දෙයක්. අපි බලන්න ඕන මේ දරුවන්ගේ දක්ෂතා දියුණු කරන්නෙ කොහොමද කියලා හා ඔවුන්ගේ දායකත්වය ලබාගෙන මේ රටේ ක්‍රීඩාව සංවර්ධනය කරන්නෙ කොහොමද කියලා. ආසියාව තුළ අපි කොතරම් ඉදිරියෙන් සිටියත්, ලෝකය ඉදිරියේ අපි පහළ මට්ටමක ඉන්නෙ. එය ලෝක කුසලාන තරගාවලියේදී සනාථ වුණා. එමනිසා ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනයක් ඇතිවෙන්න නම් ඔවුන් අතර තරගකාරීත්වයක් ඇතිවෙන්න ඕන. ශ්‍රී ලංකාවට එරෙහිව සෑම රටක්ම ප්‍රදර්ශනය කළේ එම තරගකාරීත්වය" යැයි පවසා සිටියාය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට පෙර තම කණ්ඩායමට පුහුණුවීම් සිදුකිරීමට ලංකාවේ තිබෙන එකම ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩා පිටිය වන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එක් දිනක් හෝ පුහුණුවීම් කිරීමට ඉඩක් වෙන් කරගැනීමට නොහැකිවූ බව අල්විස් මහත්මිය මෙහිදී පවසා සිටියාය.
තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, ඉදිරියේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය අාරම්භවන ෙතක් හෝ පුහුණුවීම් කිරීමට තමන්ට සුගතදාස ක්‍රීඩාංගණයේදී ඉඩක් වෙන් නොවනු ඇති බවයි.
"ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරන්න ලැබුණෙ මාස දෙකයි. අඩුම තරමේ පුහුණුවීම් කරන්න ලංකාවේ තිබෙන එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වූ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදීවත් පුහුණුවීම් කරන්න අපට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් ලෝක කුසලාන තරගාවලියේදී අපිව දෙපාරක් පරාජය කළ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අවසන් පුහුණුවීම් කටයුතු සිදුකළේ ඔස්ට්රේයාවේදී.
එමනිසා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ අසාර්ථකවීම ගැන අපිට ඇඟිල්ල දික්කරන පාර්ශ්ව, විවේචනවලට ක‘ලින් අපි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ආකාරය සොයා බලන්න. මොකද අපිව විවේචනය කරන කවුරුවත් වචනයකින්වත් අපිට සහයෝගය දැක්වුවේ නැහැ. ඒ තත්ත්වත් එක්ක මම දැනගෙන හිටියා අපට ලෝක කුසලානය දිනන්න බැහැ කියලා. නමුත් ආසියානු කුසලාන තරගාවලියට හොඳ අත්දැකීමක් නිසා තරගාවලියට සහභාගි වුණා. නමුත් ආසියානු කුසලාන තරගාවලිය ආරම්භවන තෙක් හෝ සුගතදාස ක්‍රීඩාංගණයේ ඉඩක් ෙවන්කර ගැනීමට ෙනාහැකි වේවි"යැයි අවසන් වශයෙන් සඳහන් කළාය.