විවාහයෙන් පසුව ක්රිකට් ක්රීඩකයන් දක්ෂතා දැක්වීමට හේතුව ඔවුන් ගෙදර සිටිනවාට වඩා වැඩි වේලාවක් පිටියේ රැදී සිටීම බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
ඔහුගේ ට්විටර් ගිණුමට අනුගාමිකයෙක් යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් මහේල මේ බව පවසා තිබේ.
රාමල් හිමාසික නම් පුද්ගලයෙක් මහේලට ප්රශ්ණයක් යොමුකරමින් අසන්නේ මහේලද අතුළුව සංගා හා තිරිමාන්නද විවාහයෙන් පසුව දක්ෂතා දැක්වීමට හේතුව කුමක්ද යන්නැයි.
මහේල පවසන්නේ ගෙදරට වඩා වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීම ඊට හේතුව බවයි.