1999 වසරේ සැප්තැම්බර් මාසයේදී නුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට සමත්විය. ඉන් වසර 17ට පසුව නුවර පල්ලේකැලේ පටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වරට පසුගිය 30දා සිය දෙවැනි ටෙස්ට් තරග ජයග්‍රහණය ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව වාර්තා කළේය.
මෙම ජයග්‍රහණ දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පසුපස සිටි දැවැන්ත චරිතයක් ලෙස වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හඳුනාගත හැකිය. ඒ මහනුවර අස්ගිරියේදී ලැබූ ටෙස්ට් තරග ජයේදී එම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ සනත් ජයසූරියයි. එසේම 30 දා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පසු පස සිටියේද සනත් ජයසූරියයි. ඒ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙනි.
1999 ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය අතරතුරදී
30 දා නිමාවූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයෙන් පසුව