ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 2015/16 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඩයලොග් ආසියාටා සමාගම එක්ව සංවිධානය කරන ඩයලොග් ක්‍රිකට් සම්මාන උලෙළ අද (30දා) බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය.
2015/16 යන වසරවල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා විනිසුරුවරුන් දැක්වූ දක්ෂතා මෙහිදී ඇගයීමට පාත්රවන අතර, මෙවර ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහ‘යෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වනුයේ සිවුවැනි වරටය.
මෙම සම්මාන උලෙළේදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 65ක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබුණද, පසුව සම්මාන උලෙළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සම්මාන 17කට පමණක් ලඝු කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ මෙවර සම්මාන උලෙළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සඳහා පමණක් වලංගු වන බවයි.
මෙවර සම්මාන උලෙළේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා හා වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළුව සම්මාන 17ක් පිරිනැමේ. එහිදී වසරේ තරග විස්තර විචාරකයා, වසරේ ක්‍රිකට් ජනමාධ්‍ය‘වේදියා හා වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා යන ක්‍රිකට්වලට සම්බන්ධ ක්ෂේත්රවල දක්ෂයන්ටද සම්මාන පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මේ අතර මෙවරද ජනතාවගේ මනාපයෙන් වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනෙන අතර, ඒ සඳහා 2015/16 යන වසරවල ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමෙන් නියෝජනය කළ ක්‍රීඩකයන් 16ක් ඇතුළත්ය. එම නිර්දේශිත නාම අතරට දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න හා ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩක නාමයන් ඇතුළත්ය.
සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාකිස්තාන හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්රම් එක්වීමට නියමිතය.