වේගවත්ම ක්රීඩිකාව එන්.සී.ඩී. ප්රියදර්ශනී
වසරේ වේගවත්ම ක්රීඩකයා ලෙස ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමයේ හිමාශ ඒශාන් හා වසරේ වේගවත්ම ක්රීඩිකාව ලෙස ශ්රී ලංකා නාවික හමුදාවේ එන්.සී.ඩී. ප්රියදර්ශනී සම්මාන හිමිකරගනිමින් ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය සංවිධානය කළ 92 වැනි ජාතික මලල ක්රීඩා ශූරතාවලියේ පළමු දිනය ඊයේ (12දා) කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී නිමාවට පත්විය.
පළමු දිනයේ අවසන් වටයේ තරග ඉසව් 9 ක් පැවැති අතර, ඉන් වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූ මීටර් 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට හිමාශ ඒශාන් සතුවිය. ඒ සඳහා ඔහු තත්. 10.54 කාලයක් ගතකළේය. මෙහි ශ්රී ලංකා වර්තාව චින්තක ද සොයිසා (තත්. 10.29) විසින් 1999 වසරේදී චෙන්නායිහිදී පිහිටුවා තිබිණි.මෙහි කාන්තා ඉසව්වේ රන් පදක්කම එන්.සී.ඩී. ප්රියදර්ශනී විසින් හිමිකරගත් අතර, ඒ සඳහා ඇය තත්. 11.89 කාලයක් ගතකළාය. මෙම ඉසව්වේ පසුගිය වසරේ රන් පදක්කම හිමිකරගත් ජානි චතුරංගනී මෙවර දෙවැනි ස්ථානය හිමිකරගැනීම කැපී පෙනිණි. මෙහි ශ්රී ලංකා වාර්තාව සුසන්තිකා ජයසිංහ (තත්. 11.04) විසින් 2000 වසරේදී යොකොහමාහි දී පිහිටුවා ඇත.
ඡායාරූප ඒශාන් ප්රනාන්දු