දේශීය හා ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩයලොග් ආයතනය හා එක්ව තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය” ඊයේ (19දා) බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී නිමාවට පත්විය.
පසුගිය වසරේදී (2014) දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම සම්මාන උලෙළ පැවැත්වූ අතර, ඒ සඳහා එම වසරේදී දේශීය හා ජාත්‍යන්තර එක්දින, ටෙස්ට් හා විස්සයි20 යන අංශ තුනේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරනු ලැබීය.
සුපුරුදු පරිදි මෙවරද වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව කෙටි පණිවුඩ (එස්.එම්.එස්) සමගින් ජනතාවට ලබාදුන් අතර, ඒ සඳහා නිර්දේශවී සිටි ක්‍රීඩකයන් 22 දෙනෙකු අතරින් කුමාර් සංගක්කාර වසරේ ජනතාවගේ (ජනප්‍රියම) ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. ඔහු මෙම සම්මාන නොකඩවා දිනාගත් සිවුවැනි අවස්ථාව වේ. ඊට අමතරව වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මානය වත්මන් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්හට හිමිවිය.
මෙම සම්මාන උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, සංචාරක කොදෙව් ක්‍රිකට් ක්‍රීඩයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජිකයන් ඇතුළු රැසක් පැමිණ සිටියහ. සම්මාන හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කොටසක් පහතින් දැක්වෙයි.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිවිස්
වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා – කුමාර සංගක්කාර
පිරිමි ටෙස්ට් ක්‍රිකට්
දක්ෂතම පිතිකරුවා – ඇන්ජලෝ මැතිව්ස්
දක්ෂතම පන්දු යවන්නා – රංගන හේරත්
පිරිමි විස්සයි20
දක්ෂතම පිතිකරුවා – කුසල් ජනිත් පෙරේරා
දක්ෂතම පන්දු යවන්නා – නුවන් කුලසේකර
පිරිමි එක්දින ක්‍රිකට්
දක්ෂතම පිතිකරුවා – ඇන්ජලෝ මැතිව්ස්
දක්ෂතම පන්දු යවන්නා – අජන්ත මෙන්ඩිස්
දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්
වසර් නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කුසල් ජනිත් පෙරේරා
කාන්තා එක්දින ක්‍රිකට්
දක්ෂතම පිතිකාරිනිය – චමරි අතපත්තු
දක්ෂතම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර
දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාව – එශානි ලොකුසූරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තෙදින තරගාවලිය
දක්ෂතම පිතිකරු – මිලින්ද සිරිවර්ධන (බඳුරලිය ක්‍රී.ස.)
දක්ෂතම පන්දු යවන්නා – මලින්ද පුෂ්පකුමාර (වරාය අධිකාරී ක්‍රී.ස.)
දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – උමේෂ් කරුණාරත්න (සැරසන් ක්‍රී.ස.)
අනුශූර ක්‍රීඩා සමාජය – එන්.සී.සී. (Nondescript Cricket Club)
ශූර ක්‍රීඩා සමාජය: ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රී.ස.
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින ක්‍රිකට් තරගාවලිය
දක්ෂතම පිතිකරු – ළහිරු මිලන්ත (රාගම ක්‍රී.ස.)
දක්ෂතම පන්දු යවන්නා – මලින්ද පුෂ්පකුමාර (වරාය අධිකාරී ක්‍රී.ස.)
දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – අසේල ගුණරත්න (මුවර්ස් ක්‍රී.ස.)
අනුශූර කණ්ඩායම– එස්.එස්.සී. (සිංල ක්‍රීඩා සමාජය)
ශූර කණ්ඩායම – කෝල්ට්ස් ක්‍රී.ස.
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 තරගාවලිය
දක්ෂතම පිතිකරු – ධනුෂ්ක ගුණතිලක (එස්.එස්.සී. ක්‍රී.ස.)
දක්ෂතම පන්දු යවන්නා – කසුන් රජිත (බඳුරලිය ක්‍රී.ස.)
දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – මිලින්ද සිරිවර්ධන (බඳුරලිය ක්‍රී.ස.)
අනුශූර කණ්ඩායම– එස්.එස්.සී. ක්‍රීඩා සමාජය
ශූර කණ්ඩායම – බඳුරලිය ක්‍රීඩා සමාජය