වසර හයකට පසුව සිය රටේදි ටෙස්ට් ක්‍රීඩාකරන කණ්ඩායමක් පරදා ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම අද (22දා) සමත්වූයේය.
ඒ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගය කඩුලු 5කින් ජයගනිමිනි.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායමක් හා පාකිස්තාන කණ්ඩායමක් සිය රටේදී තරග කළ පළමු තරගය මෙය විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදීම තරගය පැවැත්විණි.
තරගය සඳහ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. කෙසේ වෙතත් මෙම තරගය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නිලධාරීන් එවිමට කටයුතු නොකළේය.