දස වසරකට පසු රග්බි තරගයකදී මහනුවර කණ්ඩායම පරාජයට පත්කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත් විය. ඒ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පෙරේදා (09දා) පැවැති ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මූලික වටයේ අටවැනි තරගයෙන් මහනුවර කණ්ඩායම ලකුණු 21-13 ක් ලෙස පරාජය කරමිනි. මේ අතර ගෙවීගිය සතියේ පැවැති තවත් තරග ත්රිත්වයකින් ජයග්රහණය වාර්තා කිරීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. නාවික හමුදාව හා සී.එච්.ඇන්ඩ් එෆ්.සී යන කණ්ඩායම් සමත් විය.
යුද හමුදා 21 – 13 මහනුවර
සී.ආර්. 17 - 12 හැව්ලොක්ස්
නාවික හමුදා 64 - 24 පොලිස්
සී.එච්. 30 – 15 ගුවන් හමුදාව
යුද හමුදා - මහනුවර තරගය
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු