ලෝකයේ අංක එකේ ටෙනිස් ක්රීඩකයා වෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජය කරමින් ලෝකයේ අංක තුනේ ටෙනිස් ක්රීඩකයා වෙන ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලාස් වව්රින්කා ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ඉසව්ව ජය ගැනීමට සමත්විය.
ඇමෙරිකා වේලාවෙන් ඊයේ (11දා) රාත්රියේ පැවැති අවසන් මහ තරගයේදී තරග වට 3-1ක් ලෙස අවසන් මහ තරගය ජය ගැනීමට වව්රින්කා සමත්විය. ඒ අනුව 1970 වසරෙන් පසුව ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගත් ලොකයේ වයස්ගතම ක්රීඩකයා ලෙසින්ද 31 හැවැරිදි වව්රින්කා ඉතිහාසයට එක්විය.
තරගයේ පළමු වටය 7-6 (1-7) ක් ලෙස නොවැක් ජොකොවිච් ජය ගැනීමට සමත්වුවත් ඉතිරි වට තුනම ජය ගැනීමට වව්රින්කා සමත්වූයේ 6-4, 7-5 ක් හා 6-3ක් ලෙසිනි.