ලෝක කුලසාන තරගාවලියේ විනිසුරු තීරණ පිළිබඳ ගැටලුව එන්න එන්නම ව්‍යාකූල තත්ත්වයට පත්වන බවක් පෙනෙන්නට තිබේ.
ඒ අනුව ඊයේ (18දා) නිමාවූ ඇෆ්ගනිස්තාන - බංග්ලාදේශ තරගයේදීද විනිසුරු තීරණ පිළිබඳ ගැටලුව නැවතවරක් කරළියට පැමිණියේය.
ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සමියුල්ලා ශෙන්වාරිට තරගයේ පන්දු යැවීම තහනම් කිරීමට තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ස්ටීව් ඩේවිස් ගත් තීරණයත් සමගිනි.
තරගයේදී ශෙන්වාරි යොමුකළ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඔහු තණතීරුව මත දිවගියේය. එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 42.12 වගන්තිය අනුව තහනම් ක්‍රියාවක් වන හෙයින් එයට විනිසුරුට අවවාද කළ හැකිය. අවවාද කිරීමෙන් පසුව පන්දු රැකීමේ කණ්ඩායමේ නායක ඒ පිළිබඳව දැනුවත් කළ යතුය. ඒ අනුව ස්ටීව් ඩේවිස් ඒ පිළිබඳව පන්දු යවන්නා දැනුවත් කළේය. පසුව ශෙන්වාරි යොමුකළ ඊළඟ පන්දුවාරයේදී පළමු පන්දුවේදීද අදාළ වරද සිදුකළ අතර ස්ටීව් ඩේවිස් ඔහුට අවවාද කර පන්දු යැවීම තහනම් කළේය.කෙසේ වෙතත් අයි.සී.සී. නීති අනුව දෙවැනි අනතුරු ඇඟවීම කිරීමෙන් පසුව ඔහු නැවතවරක් අදාළ වරද කළහොත් පමණක් පන්දු යැවීම තහනම් කළ යුතුය.
ඒ අනුව ස්ටීව් ඩේවිස්ගේ ක්‍රියාව ක්‍රිකට් විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ මවිතයට ලක්විය.
මේ පිළිබඳව වාර්තා කරන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඉන්දු - පාකිස්තාන තරගයේදීද මෙයට සමාන සිදුවීමක් සිදුවුවත් පන්දු යවන්නා පිටියෙන් ඉවත්කිරීමට කටයුතු නොකළ බවයි.
ඉන්දු - පාකිස්තාන තරගයේදී පාකිස්තාන පන්දුයවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන්ට තණ තීරුවේ ඇවිද යාම පිළිබඳව තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ඉයන් ගෝල්ඩ් දෙවරක් මෙන්ම, ඊට අමතරව ඔහුව තවත් අවස්ථාවකදී එම තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ මාර්ක් කෙටල්බ්රෝද ඔහුට අනතුරු ඇඟවීම් කර තිබෙන බව ක්‍රික්ඉන්ෆෝ විස්තර විචාරක මාක් නිකලස් සඳහන් කරයි.මෙවැනි තත්ත්වයක් යටතේ ඉර්ෆාන්ට පන්දු යැවීම තහනම් නොකළ අතර ඔහු නියමිත පන්දුවාර 10ද යොමුකරනු ලැබීය.
මෙය ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩාකරන පළමු අවස්ථාවද වෙයි. තීරණය පිළිබඳව අදහස් දක්වන බංග්ලාදේශ කණ්ඩායමේ ඇන්ඩි මෝල්ස් පවසන්නේ ටි.වී. දත්ත අනුව ශෙන්වාරි අදාළ නීතිය කඩකරන බවට පැහැදිලි වන බවත් කෙසේ වෙතත් ඔහුට පන්දු නොයැවීමට අවස්ථාව ලබා නොදීම තරගයේ තීරණයට බලපෑමක් නොවූ බවයි. මෙම තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ලකුණු 105කින් පරාජයට පත්විය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වී සතියක් ගතවීමටත් මත්තෙන් විනිසුරු තීරණ පිළිබඳව දිගින් දිගටම ගැටලු මතුවන අතර එහි පළමු අවස්ථාව වූයේ ඔස්ට්‍රේලියා - එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ලබාදුන් තීන්දුවක් පිළිබඳව වූ ගැටලුකාරී තත්ත්වයකි.
ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි