එක්දින ලෝක කුසලානය පෙබරවාරි මස 14වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව කේන්ද්‍රකර ගනිමින් ආරම්භවිමීට නියමිතය. ඒ සඳහා තවත් ඇත්තේ දින 43කට ආසන්න කාලයකි. මේ ලෝක කුසලාන දින ගණනයට සමගාමීව ඔබ වෙත ගෙන ලිපි පෙළේ පළමු ලිපිය වන අතර එහිදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් පිළිබඳව අප අවධානය යොමු කළෙමු.
එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු තරග 44කදී ලකුණු 2278ක් රැස්කර තිබේ. ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලාන තරගවලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර තිබෙන්නේ සනත් ජයසූරිය වන අතර ඔහු තරග 37කදී ලකුණු 1165ක් රැස්කර එහි සිව්වැනි ස්ථානයේ රැඳීසිටියි.
වර්තමාන ක්‍රිකට් පිටියේ රැඳී සිටින පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති පිතිකරුවා වන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු තරග 30කදී ලකුණු 991ක් රැස්කර තිබේ. ඔහු සමස්ත ලකුණු සටහනේ 14වැනි ස්ථානයේ රැඳී සිටියි.
1. සචින් තෙන්ඩුල්කාර් 2278
2. රිකී පෝන්ටින් 1743
3. බ්‍රයන් ලාරා 1125
4. සනත් ජයසූරිය 1165
5. ජැක් කලිස් 1148
6. ඇඩම් ගිල්ක්‍රිස්ට් 1085
7. ජාවෙඩ් මියැන්ඩාඩ් 1083
8. ස්ටීවන් ෆ්ලෙමින් 1075
9. හර්ෂල් ගිබ්ස් 1067
10. අරවින්ද ද සිල්වා 1064