(VIDEO) ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතාව හිමිකරගෙන අද (17) දිනට දහඅට (18) වසරක් සම්පූර්ණවෙයි.1996 මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ගඩාෆි ක්රීඩංගණයේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලෝක ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කර, ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමලකුණු 241/7රැස්කිරීමට සමත්විය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245/3 රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කර කරගැනීමට සමත්විය. කැන්ගරු අභිමානය බිඳදමමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක්රැස්කළ අතර, සිය නායකත්ව වගකීම මනාව ඉටුකළ අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක්රැස්කිරීමට සමත්විය. අරවින්ද තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත් අතර, සනත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඡායාරූපය ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි
ලොක කුසලාන අවසන් තරගයේ විශේෂ අවස්ථා සඳහා මෙම වීඩියෝව නරඹන්න