පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.
ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය තිබෙන්නේ සී.එස්.එන්. නාළිකාවට වුවත් එයට විකාශන අයිතිය ලබාදීම පිළිබඳව පසුගිය කාලසීමාව පුරාම විවිධ කතා පැවැතියේය. එය කෝප් කමිටුවේද සාකච්ඡාවට බඳුන්ව තිබේ.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමේ සුදානමකින් පසුවන බවද අමාත්‍ය රජිත සේනාරත්න මහතා සඳහන් කළේය.