ලොව වේගවත්ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකා එක්දින කණ්ඩායමේ නායක ඒ.බි. ඩිවිලියර්ස් අද (27දා) සමත්වුණා.
ඒ ලෝක කුසලාන තරගාවලියේ දැන් පැවැත්වෙන් කොදෙව්- දකුණු අප්‍රිකා තරගයේදීයි.
ඔහු පන්දු 64කින් ලකුණු 150 සීමාව පසුකර යාමට සමත්වුණා. ඒ අනුව ලෙව වේගවත්ම ශතකය (පන්දු 31), ලොව වේගවත්ම අර්ධ ශතකය (පන්දු 16) හා ලෙව වෙගවත්ම ලකුණු 150 යන වාර්තා තුනටම ඩිවිලියර්ස් හිමිකම් කියයි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 408ක් රැස්කළ අතර එය ඔස්ට්‍රේලියාවේදී එක්දින තරගයකදී ලකුණු 400ක් වාර්තා වූ පළමු අවස්ථාවද වෙනවා.
එසේම එය ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණයද වෙයි.
මෙම තරගයෙන් ලකුණු 257ක දැවැන්ත ජයක් ලැබිමටත් දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.