අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස මීටර් 1500 ඉසව්වෙන් දෙවරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ හිටපු මලල ක්‍රීඩා මහා බ්‍රිතාන්‍ය‘යේ සෙබස්තියන් කෝ පත්ව තිබේ.
චීනයේ බීජිං නුවරදී පැවැති 50 වැනි අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලන කොංග්‍රසයේදී යුක්රේනයේ හිටපු රිටි පැනීමේ ශූර සර්ජි බුබ්කා ඡන්ද 115 ට 92 ක් වශයෙන් පරාජය කරමින් කෝ මෙම නව තනතුරට පත්විය.
වසර 103 ක් පැරණි ඉතිහාසයක් ඇති අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ 06 වැනි සභාපතිවරයා ලෙස පත්වුණු කෝ පවසා සිටියේ, අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සියලුම සාමාජිකයන් සඳහා ඩොලර් දෙලක්ෂයක (රු.26,877,000) මුදලක් අවුරුදු 04කට වරක් පිරිනමන බවයි.