බංග්ලාදේශය එරෙහි විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යමණ්ඩල ප්‍රවේශපත් අහිමි කරයි
මුදල් සම්බන්ධ පරිපාලකයෙක් හා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙක් ටිකට් වංචාවක
ටිකට් මුද්‍රණය කිරීමට පමණක් ඇ.ඩො. 8000 ක අත්තිකාරමක් ගෙවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන්ට මෙවරත් අවුරුදු දීමනා (බෝනස්) මුදල් ලබා නොදීමට පියවරගෙන ඇතැයි 'අද' ට වාර්තා වේ. ඒ මෙම වසර තුළදී ද මුදල් ඉතිරිකරගෙන ලාබ ඉපයූවා යැයි පෙන්වීමට බව ක්‍රිකට් සේවකයෝම පවසති. එහෙත් ලාබ ඉපැයූ ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිලධාරීන්ට නම් අවුරුදු බෝනස් වුවමනාවටත් වඩා හිමිව තිබේ. ඒ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරග සංචාරයේදී ටිකට් අයුතු මාර්ගයෙන් විකිණීමේ හා ප්‍රභූවරුන්ට ආහාර ලබාදීමේ කොන්ත්‍රාත්තුවෙනි.
අද (04දා) ඇරඹෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු විස්සයි20 තරගයේ ටිකට් (ප්‍රවේශපත්‍ර) මුද්‍රණය, බෙදාහැරීම හා පරීක්ෂාව සිදුකරන්නේ ඉන්දීය බිග් 'ට්‍රී' (Big Tree Entertainment International) සමාගමයි. මේ වනවිට අදාළ සමාගම තරගාවලිය වෙනුවෙන් ටිකට් පත් මුද්‍රණයට සමස්ත ගාස්තුවෙන් 50%ක අත්තිකාරම් මුදලක්, එනම් ඇ.ඩො 8000ක මුදලක් (ශ්‍රී ලංකා රු.ලක්ෂ 12කට වැඩි මුදලක්) ලබාගෙන තිබේ. ඒ අනුව ඔවුන්ගේ සමස්ත ගාස්තුව ඇ.ඩො 16,000ක් එනම් රු. ලක්ෂ 24ක් වනු ඇති බවට මේ වනවිට ගණන් බලා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ට අවුරුදු බෝනස් ලබාදීමටවත් වත්කමක් නොමැතිමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලාබයි කියා මාධ්‍ය සංදර්ශන පෙන්වන එහි පරිපාලකයන්, සේවකයන්ට ලබා දිය යුතු මුදල් අනිසි මාර්ගවලින් වෙනත් පුද්ගලයන් අතට පත්කර ඇතැයි පිරිසක් චෝදනා කරති.
ඔවුන් පවසන්නේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාද නොදැනුවත්ව සිදුවන කූට ව්‍යාපාරයක් බවයි. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ඉහළම පරිපාලකයෙක් වන බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් මෙන්ම විධායක කමිටු සාමාජිකයෙක්ද ඍජුව සම්බන්ධ බවට ඔවුහු චෝදනා කරති.
විශේෂයෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලිහිදී ටිකට්පත් මුද්‍රණය සිදුවූයේ ක්‍රිකට් ආයතනය මූලිකත්වය ගනිමිනි. එහිදී සමස්ත තරගාවලිය සඳහා වැය වූයේද රු. ලක්ෂ 06කට අඩු මුදලකි. එහෙත් ඉන්දියානු සමාගමක් සමග පවතින ගිවිසුම ප්‍රකාරව රු. ලක්ෂ 06කට කළ යුතු කාර්යය, ලක්ෂ 24ක් දක්වා වැඩිවීම ජාතික අපරාධයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියේ ටිකට්පත් භාර ක්‍රිකට් ආයතනයෙන් පත් කළ පුද්ගලයා වන්නේ, විධායක කමිටු සාමාජික අනුර ද සිල්වා මහතායි. කෙසේ වෙතත් අදාල නිලධාරීන්ගේ අනුදැනුම නොමැතිව මෙවැනි ටිකට් ජාවාරම් කිරීමට නොහැකි බවද ක්‍රිකට් ආයතනයේම සේවකයෝ පවසති.
විශේෂයෙන් ක්‍රිකට් සේවකයන්ට අවුරුදු බෝනස් නොමැති වූවත්, ක්‍රිකට් ලොක්කන්ට හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට මෙම තරගාවලිය මගින් අවුරුදු බෝනස් මල්ලක්ම ලැබී ඇතැයි ඔවුහු චෝදනා කරති. එමෙන්ම තරගාවලියේ දී ප්රභූන්ට හා මාධ්‍යවේදීන්ට ආහාර සැපයීමේ කොන්ත්රාත්තුවද ක්‍රිකට් ලොක්කෙක් අනියම් මාර්ගයෙන් ලබාගෙන සුවිශාල ලාභයක් උපයා ඇතැයිද චෝදනාවක් පවතී.
ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් සියලුදෙනා ඉල්ලා සිටින්නේ, වත්මන් පරිපාලනය බලයට පැමිණ පළමුව ඔවුන්ගේ කාර්ය මණ්ඩල ණය ලබාදීම කපා දැමූ බවත්, දෙවනුව ඔවුන්ගේ දීමනා, තෙවනුව බෝනස් මුදල් කපා දැමීම හා සිව්වනුව නිවාඩු දීමනා මුදල් කපා දැමූ බවත්ය.
එමෙන්ම එලෙස සේවක අයිතිවාසිකම් කප්පාදු කර ලාබ ඉපයූවා යැයි, අප්රකාශිත විගණන වාර්තා ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීම කොතරම් සදාචාරාත්මකද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටියි. මෙහිදී එම විගණන වාර්තාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සොයා බලා පරීක්ෂණයක් කළ යුතු බවද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගාස්තුද ඉහළ දමා ඇතැයි වාර්තාවේ. විශේෂයෙන් රු. 300 ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.1000 ක් දක්වාද, රු.500 ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.1500 දක්වාද 'ඒ' හා 'බී' කාණ්ඩවල ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.2000ක් දක්වාද, 'ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්' හි ගාස්තුව රු.4000 ක් දක්වාද ඉහළ දමා ඇතැයි හෙළිවේ.
මේ හේතුවෙන් ක්‍රිකට් ලොක්කන්ට හිතවත් පාර්ශ්වයන්ට ටිකට් ලබාදී ඇතැයි ද, ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ට හිමි ටිකට් ද්විත්වය අහිමිකර ඇතැයිද සේවකයන් චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රිකට් බලධාරීන්ගේ හිතවතුන්ට 'කාර් පාස් (මෝටර් රථ ප්‍රවේශ පත්‍රය) පවා නොමිලේ ලබාදී ඇති බවයි.
මෙවැනි වාතාවරණයක් මත මීට පෙර අප්‍රේල් මස ආරම්භයේදී ලබාදුන් අවුරුදු බෝනස් මුදලද ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ට හිමි නොවීමෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව සිටිති. ක්‍රිකට් ආයතනයේ 'මිස්ට ක්ලීන්ලා' ලෙස පිළිගැනීමක් ඇති උපසභාපතිවරුන් දෙදෙනා වන ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් මහත්වරුන් ද මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ක්‍රිකට් සේවකයන්ගේද දැඩි දෝෂාරෝපණ ඔවුන් වෙත එල්ල වී තිබේ.