ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක මෙන්ම වත්මන් බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලයනිල් මෙසීට මාස 21ක සිර දඬුවමක් ස්පාඤ්ඤ අධිකරණය විසින් ලබාදී ඇති බව වාර්තා වෙනවා. බදු වංචාවක් මෙයට හේතුව වී ඇති බවයි වාර්තා වෙන්නේ.
බාසිලෝනා අධිකරණය විසින් ලයනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසීද මාස 21කට සිර ගත කිරීමට කටයුතු කර තිබෙන අතර මෙම නඩු තීන්දුවට එරෙහිව ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපෑලක් ගොනු කිරීමටද මෙසීගේ නීතිඥයින් සූදානම් වෙන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් ස්පාඤ්ඤවේ නීතිය අනුව මාස 24ට වඩා අඩුවෙන් නියමවන සිර දඬුවම් වලදී සිර ගත් නොකර අධිකරණයේ සුපරීක්ෂණයට යටතේ කටයුතු කළ හැකිය. එසේම ඇතැම්විට ප්‍රජා සේවයේද වරදකරුවන් යොදවනු ලබයි.
ඒ අනුව මෙසීට සිර මැදිරියක කාලය ගත කිරීමට සිදු නොවනු ඇති බවයි විදෙස් මාධය තොරතුරු වාර්තා කරන්නේ. එසේම වංචා සම්බන්ධයෙන් යුරෝ මිලියන 2ක දඩයක්ද මෙසීට පනවා තිබෙනවා.
තමා පාපන්දු ක්‍රීඩා කිරීම පමණක් සිදුකළ බවත් මූල්‍යමය පරිපාලනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් අධිකරණයේදී පැවැසීය.