අර්ජුණ රණතුංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ලක්මවට දායාද කළ සුපිරි ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය. ඊයේ රාත්‍රියේදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඔහු මිය ගියේය. ලයනල් මෙන්ඩිස් මහතා පිළිකාවකින් පීඩා විදීය. දේහය දැනට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කොට ඇති අතර, අවසන් කටයුතු ඉරිදා සිදු කිරිමට මේ වන විට තීරණය කර තිබේ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලයනල් මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ස්වකීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.1973 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකාර ධුරයට පත්වන ඒ මහතා අර්ජුන රණතුංග, චරිත් සේනානායක, බ්‍රෙන්ඩන් කුරුප්පු, දුලිප් මෙන්ඩිස්, තිලාන් සමරවීර, නිශාන්ත රණතුංග, ධම්මික රණතුංග, සංජීව රණතුංග, මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් තරු රැසකට ක්‍රිකට් අත්පොත් තැබූ පුහුණුකරුවාය.