ශ්රී ලංකා කණඩායම 2009 වසරේ පාකිස්තානයේ සිදුකළ තරග සංචාරයේදී ශ්රී ලංකා කණ්ඩායමට ගඩාෆි ක්රීඩාංගණය ආසන්නයේදී ත්රස්ත ප්රහාරයක් එල්ල වූයේ මීට වසර හතකට පෙර අද වැන දිනකය.
දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට ක්රීඩා කිරිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම ගඩාෆි ක්රීඩාංගණය වෙත බස්රියකින් ගමන් ගන්නා විට මෙම ප්රහාය එල්ල විය.
එතැන් පටන් ලොව ප්රමුඛ පෙළේ ක්රිකට් ක්රීඩා කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරිම අත්හිටුවන ලද අතර පාකිස්තානය සත්කාරකත්වය දරණ සියලු තරග පැවැත්වෙන්නේ මැදපෙරදිගය.