ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකානු කණ්ඩායම අතර ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන දකුණු අප්රිකානු සංචිතය නම් කර තිබේ. පළමු ටෙස්ට් තරගය ජුලි 12-16 දා දක්වා ගාල්ලේදීත් දෙවැනි ටෙස්ට් තරගය ජුලි 20 දා හා 24 දා කොළඹදී පැවැත්වීමට නියමිතය. ආබාධයකට ලක්ව සිටි ඩේල් ස්ටෙයින් එයින් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්ව තිබේ. කණ්ඩායමට අලුතෙන් එක්ව ඇති ක්රීඩකයා වන්නේ පා දඟ පන්දු යවන ක්රීඩක ශෝන් වොන් බෙර්ග්ය.
දකුණු අප්රිකානු ටෙස්ට් සංචිතය
ෆෆ් ඩු ප්ලේසි (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්යින්ටන් ඩි කොක්, ටී. ඩී බ්රයන්, ඩීන් එල්ගාර්, හෙයින්රිස් ක්ලාසෙන්, කේෂාව් මහරාජ්, ඒ. මර්ක්රම්, එල්. න්ගිඩි, වර්නන් පිලැන්ඩර්, කාගිසෝ රාබඩා, ටබ්රායි ශම්සි, ඩේල් ස්ටෙයින්, ශෝන් වොන් බෙර්ග්