(UPDATE) ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
රංචි පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 127ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්රී ලංක කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 66ක් පමණි
තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් ඉන්දියාව සමත්වූයේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩයාම සිය පන්දුවාර 20 අවසානයේදී කඩලු හයට ලකුණු 196ක් රැස්කිරීමට සමත්වුයේය.
ශිකර් දවාන්, සුරේෂ් රයිනා හා හර්තික් පාණ්ඩ්යා වේගවත් ඉනිම් දියත් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ.
තරගයේදී තිසර පෙර්රා කඩලු ත්රිත්වයක් දවා ගැනීමට සමත්වූ අතර විස්සයි20 තරගයේීදී ශ්රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ පළමු කඩුලු ත්රිත්වය මෙය වෙයි.
ඉන්දිය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දු රකීම තෝරාගත්තේය.
තිලකරත්න ඩිල්ෂාන් කණ්ඩායමට පැමිණි හෙයින් නිරෝෂාන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.
ඉන්දීය කණ්ඩායමේ වෙනසක් නොමැත.