සිය දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශයට එරෙහිව ක්රීඩා කරන රොෂේන් සිල්වා සිය මංගල ශතකය වාර්තා කිරිමට සමත්විය.
පන්දු 197කදී ඔහුගේ ශතකය වාර්තාවිය. ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේදී රොෂේන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
එහිදී ඔහු පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවි ගිය අතර දෙවැනි ඉනිමේදි නොදැවී ලකුණු 74ක් රැස්කළේය. මේ අතර නායක දිනේෂ් චන්දිමාල්ද සිය 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්විය.
පන්දුවාර 149ක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 535ක් රැස්කරගෙන ඇති අතර බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 22ක් ඉදිරියෙන් සටින්නේ තවත් කඩුලු 7ක් ඉතිරිව තිබියදීය.