ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉපදීමට පෙර ඔහුව ගබ්සා කිරීමට තමා උත්සාහ ගත් බව රොනාල්ඩෝගේ මව වන ඩොලරේස් අවෙයිරෝ පවසයි. සිය ස්වයං චරිතාපදානය පසුගිය සිකුරාද (18දා) එළිදක්වමින් ඇය මෙම කරුණු හෙළි කළාය.
මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පුවත්පතකට කරුණු දැක්වූ ඇය වැඩිදුරටත් පැවසුවේ, "මම ගබ්සා කිරීමට කැමැත්තෙන් සිටියත් වෛද්‍යවරුන්ගෙන් මට ඒ සඳහා සහනයක් නොලැබුණා." යනුවෙනි.
කෙසේ වෙතත් මේ සිද්ධිය රොනාල්ඩෝ කුඩාකල සිට දැනසිටි බවද ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළාය.