ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය කේන්ද්‍රකරගනිමින් මේ දිනවල පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශකවරයෙකු ලෙස පත්කරනු ලැබූ හිටපු වේගපන්දු ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා තවදුරටත් එම තනතුරේම රදවාතැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (17දා) නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුළ ඉදිරියට යන අවසන් තරගය දක්වා ඔහුගේ සේවය ලබාගනු ඇත. ඒ මහතා මීට පෙර දින 16 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරට පත්කළ අතර, එම පත්වීම මේ 20 වැනිදා දක්වා අවසන්වීමට නියමිතව තිබුණි.