ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්රීඩක රුමේශ් රත්නායක මහතා දින 16ක කාලයක් සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරකට පත්කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරන්නේ ඔහු පෙබරවාරි මහ 4 දා සිට 20 දා දක්වා ශ්රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරනු ඇති බවයි. ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලඇණිය රුමේශ් රත්නායක මහතා විසින් අධීක්ෂණය කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
එළැඹෙන එක්දින ලෝක කුසලානය සඳහා ඔහුගේ සේවය ලබාගෙන තිබේ.