ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගකාරීත්වය තවදුරටත් තීව්ර කරමින් සුපිරි පන්දුවාරයකින් ජයග්‍රහණය තීරණය කෙරුණු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.
සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 11/2 රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස රාජස්ථාන් කණ්ඩායමටද සුපිරි පන්දුවාරය තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11/0 ක් පමණි. ඒ අනුව තරගයේ අවසන් තීරණය සඳහා කණ්ඩායම් දෙක එල්ල කළ හයේ හා හතරේ පහර සැලකිල්ලට ගත් අතර, එහිදී රාජස්ථාන් කණ්ඩායම ලකුණු 74ක්ද, කොල්කටා කණ්ඩායම ලකුණු 64ක්ද රැස්කරගෙන තිබූ හෙයින් රාජස්ථාන් කණ්ඩායමට ජය හිමිවිය.
ඊයේ (29දා) රාත්‍රියේ අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 152 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු අජන්ක්‍යා රහානේ පන්දු 59 ක් තුළ ලකුණු 72 ක් රැස්කරමින් රෝයල්ස් ඉනිමට ජීවයක් එක් කළේය. පන්දු යැවීමෙන් විනේ කුමාර් කොල්කටා වෙනුවෙන් කඩුලු 2ක් දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටද පන්දුවාර 20 අවසානසේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි. ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් පන්දු 44කදී ලකුණු 45 ක් රැස් කළ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩකළ ශකීබ් අල් හසන් පන්දු 18කදී නොදැවී ලකුණු 29 රැස්කරමින් තරගය සම කළේය. තරගයේ වීරයා ලෙස ජේම්ස් ෆෝල්ක්නර් සම්මාන ලැබීය.
රාජස්ථාන් 152/5 (පන්දුවාර 20)
අජින්ක්‍යා රහානේ 72 (පන්දු 59, 4x6, 6x1)
ෂේන් වොට්සන් 33 (පන්දු 24, 4x5)
විනේ කුමාර් 2/30 (පන්දුවාර 4)
කොල්කටා 152/8 (පන්දුවාර 20)
ගෞතම් ගාම්භීර් 45 (පන්දු 44, 4x5)
සූර්යකුමාර් යාදෙව් 31 (පන්දු 19, 4x3, 6x1)
ශකීබ් අල් හසන් නොදැවී 29 (පන්දු 18, 4x3)
ජේම්ස් ෆෝල්ක්නර් 11/3 (පන්දුවාර 2)
ප්‍රවීන් තම්බේ 31/2 (පන්දුවාර 4)