රාජස්ථාන් කණ්ඩායමට පහසු ජයක්
- 16 05 2014
- 11:02
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 62ක පහසු ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව රාජස්ථාන් පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 201ක් රැස්කිරීමට සමත්වුූහ.
එයට පිළිතුරු වශයෙන් දිල්ලි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණි. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 62ක පහසු ජයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස අජින්ක්යා රහානේ සම්මාන ලැබීය.
රාජස්ථාන් 201/6 (පන්දුවාර 20)
අජින්ක් රහානේ 64 (පන්දු 50)
සංජු සැම්සන් 40 (පන්දු 25)
ඉම්රාන් තාහිර් 2/25 (පන්දුවාර 4)
දිල්ලි 139/9 (පන්දුවාර 20)
මනෝජ් තිවාරි 61 (පන්දු 44)
කෙවින් පීටර්සන් 13 (පන්දු 18)
ජේම්ස් ෆොල්ක්නර් 1/6 (පන්දුවාර 1)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

