අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි සියළුම රටවලට අන්තර්ජාතික ක්‍රිකට් වරම් හිමිකර දීමට අයි.සී.සී.ය තිරනය කොට ඇත. ඒ පන්දුවාර විස්ස අංශයෙනි. ලෝක මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ ඉදිරි පියවරක් වන මේ අනුව අයි.සී.සී. හි සාමාජිකත්වය දරණ රටවල් 104 කට විස්සයි විස්ස වරම් හිමිවනු ඇත.ඒ කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයෙන්මය. කෙසේ වෙතත් මෙම තිරණය ක්‍රියාත්මක කිරිමට තිරනය කර ඇත්ත් එලඹෙන ජුලි පළමුවැනිදා සිට ය.
මේ වන විට අයි.සී.සී. පූර්ණ සාමජිකත්වය රටවල් 12 කටද හවුල්කාර (Associate) සාමාජිකත්වය රටවල් 92 කට පිරිනමා ඇති අතර මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවී තිබුනේ එහි පූර්ණ සාමාජිකත්වය දරණ රටවල් සියල්ලට හා හවුල් සාමාජිකත්වය දරන රටවල් 6 කට පමණි.