ටෙස්ට් ක්‍රීඩා පිටියේ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා බවට පත්විමට ශ්‍රී ලංකාවේ රංගන හේරත්ට අවස්ථාව හිමිව තිබේ. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඔහු ටෙස්ට් කඩුලු හයක් දවැගැනිමට සමත් වුහහොත්ය. සිය 79 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින රංගන හේරත් දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යව 357කි.
ලෝකයේ වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිය. ඔහු තරග 133කදී කඩුලු 362ක් දවාගෙන තිබේ.
ඒ අනුව මෙම තරගාවලියේදී රංගන කඩුලු හයක් දවාගත හොත් ඔහුට ඩැනියෙල් විටෝරි අබිබවා යෑමට අවස්ථාව තිබේ. දකුණත් දඟ පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තරග 133කදී කඩුලු 800ක් දවාගෙන දකුණත් දඟ පන්දු යවන්නන් අතරත් සමස්ත ටෙස්ට් පිටිය තුළත් වැඩිම කඩලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා බවට වාර්තා අතරට එක්ව තිබේ.