ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (21දා) සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26ක ජයක් ලබමිනි.
ඛෙත්තාරාම පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48.3කදී සියලු දෙනා දැවී ලකුණු 194ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හිමිවිය.
පිළිතුර ඉනිම ක්‍රීඩා කරමින් සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27.1කදී කඩුලු දෙකකට ලකුණු 106ක් රැස්කරගෙන සිටියේය.
දැඩි වර්ෂාව හේතුවෙන් තරගය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි වූ අතර ඒ විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව වූයේ 81කි. තරගයේ වීරයා ලෙස ආරම්භකි පිතිකරු විශ්ව චතුරංග සම්මාන ලැබීය.
තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අනිද්දා (23දා) ඛෙත්තාරාම පිටියේදී පැවැත්විමට නියමිතය.
ඡායාරූප ඉෂාන් සංජීව