සැමෝවාහි පැවැත්වෙන පස්වැනි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර 400 කඩුලු පැනීම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට යමානි දුලාංජලී අද (09දා) සමත් විය. අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන යමානි මෙම ඉසව්වේ ජාතික කනිෂ්ඨ ශූරියද වෙයි.
මෙම පදක්කමත් සමග මේ වනවිට ශ්‍රී රිදී පදක්කම් තුනක් හා එක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර ඇත.
දිනූ පදක්කම් අතරින් ඊයේ (08දා) දිනයේදී ස්කොෂ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ මිහිලියා මෙත්සරනි සමත්වූ අතර, අනෙක් රිදී පදක්කම් දෙක දිනාගැනීමට ශ්‍රීමාලි සමරකෝන් (කාන්තා බර ඉසිලීම /කි.ග්රෑ. 48) හා රොෂාන් ධම්මික රණතුංග (උස පැනීම පිරිමි) පෙරේදා (07දා) දිනයේදී සමත්වූහ.
05 වැනි වරට පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය එළඹෙන 11 වැනිදා දක්වා පැවැත්වේ.