මෙරට ක්‍රියාත්මක වන ක්‍රීඩා ඉසව් අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය හොඳින් දිනා ගත් ක්‍රීඩා ඉසව්වක් ලෙස යතුරු පැදි ධාවන තරග හැඳින්විය හැකිය. ක්‍රීඩාවේ තිබෙන තරගකාරීත්වය හා අභියෝගාත්මක බව නිසාම ප්‍රේක්ෂක ආකර්ෂණයට මෙම ක්‍රීඩාව නතු වුවත්, ක්‍රීඩාවේ නිරත වන්නන්ට නම් මෙය එතරම් සැහැල්ලුවෙන් හැදෑරිය හැකි ක්‍රීඩාවක් නොවේ.
ක්‍රීඩාවේ තිබෙන අවදානාත්මක බව හා හැදෑරීමට දරන්නට වන පිරිවැය, යතුරු පැදි ධාවකයන් මුහුණදෙන ප්‍රධාන අභියෝගයන්ය. එම අභියෝග ජයගත් යතුරු පැදි ධාවකයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමීර ප්‍රේමරත්න හැඳින්විය හැකිය. මෙවර 'තරුවක වගතුග සොයාගිය සතියේ චාරකාව' විශේෂාංගයෙන් ඉඩකඩ වෙන්වන්නේ ඔහු පිළිබඳවය.
යුද හමුදාව හා සම්බන්ධවීම
කුරුණෑගලදී උපත ලබන සමීර ප්‍රේමරත්න, කුරුණැගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කරන්නට විය. කේ.පී. අනුලාවතී වන තම ආච්චි අම්මාගේ සෙවණේ හැදී වැඩුණු සමීරට වැඩිමහල් සොහොයුරෙකු සිටින අතර, ඔහු එච්.එම් චතුරංග සඳරුවන්ය. කුලියාපිටිය දීගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර යුද හමුදාවට බැඳීමට තීරණය කරන අතර, ඒ සඳහා ඔහු තෝරාගත්තේ විජයබාහු පාබල රෙජිමේ‘න්තුවයි. පළමුව දෙවැනි විජබාහු පාබල බලඇණියට යොමුව, පසුව පළමු වන විජබාහු පාබල බලඇණියට අනුයුක්තව සේවය කළ ඔහු, 2010 වසර අවසානයේදී විජයබාහු පාබල රෙජිමෙ‘න්තු මෝටර්ක්‍රොස් කණ්ඩායමේ ‘සාමාජිකයෙකුවීමට වරම් දිනාගත්තේය.
සහභාගිවූ තරගාවලි (2011 වසරේ සිට)
ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, වළව සුපර්ක්‍රොස්, සීගිරි රැළික්‍රොස්, කමාන්ඩෝ අභියෝගතා කුසලාන සුපර්ක්‍රොස්, සැපර්ස් ජිම්පෝ මෝටර්ක්‍රොස් හා නුවරඑළිය මෝටර්ක්‍රොස්.
සහභාගි වන තරග ඉසව්
250 රේසිං විවෘත, 125 රේසිං විවෘත, 125 රේසිං ආරක්ෂක
ලබාගෙන ඇති විශේෂ ජයග්‍රහණ
250 රේසිං විවෘත තරග
2012 ගජබා සුපර්ක්‍රොස් (3), 2013 විජබාහු මෝටර්ක්‍රොස් (අනුශූරතාව), 2013 සීගිරි රැලික්‍රොස් (2), 2013 වලව සුපර්ක්‍රොස් (3), 2014 විජයබාහු මෝටර්ක්‍රොස් (2/ 3 ස්ථාන), 2014 ගජබා සුපර්ක්‍රොස් (3), 2014 සිගිරි රැලික්‍රොස් (3), 2014 වලව සුපර්ක්‍රොස් (3), 2015 විජයබාහු මෝටර්ක්‍රොස් (2/3 ස්ථාන), 2016 විජයබාහු මෝටර්ක්‍රොස් (2/3 ස්ථාන), එම වසරේම පැවති ගජබා මෝටර්ක්‍රොස් (3), සිගිරි රැලික්‍රොස් (3) සහ වලව සුපර්ක්‍රොස් (3), 2016 කමාන්ඩෝ චැලේන්ජ් ත්‍රෝපි, සැපර්ස් ජිම්‘පෝ මෝටර්ක්‍රොස් තරගාවලියන්හි ශූරතාව ජයග්‍රහණය කළහ.
මීට අමතරව ආරක්ෂක සේවා තරගාවලියට ක්‍රීඩාකළ සමීර ප්‍රේමරත්න 125 රේසිං තරග කාණ්ඩයේ 2012, 2013, 2014 යන වසර ත්‍රිත්වයේ සියලුම තරගවල ප්‍රථම ස්ථානයදිනා, එම වසරවල්හි ආරක්ෂක සේවා ශූරතාව හිමිකරගැනීමට සමත්විය. මෙහිදී 2016 වසරේ ඔහු සහභාගි වූ තරගවලින් වැඩි ප්‍රමාණයක ප්‍රථම ස්ථාන දිනා යුද හමුදා ශූරතාව සහ ස්ලාඩා ශූරතාවට හිමිකම් කීමට සමත්විය.
125 රේසිං විවෘත තරග
2012 සිට 2014 දක්වා 2 වන සහ 3 වන ස්ථාන ලබාගත් සමීර, 2013 වසරේ විජයබාහු මෝටර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් හා වලව ‘සුපර්ක්‍රොස් තරගාවලි ත්‍රිත්වයේ ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි. මීට අමතරව 2016 සැපර්ස්ජිම්‘පෝ මෝටර්ක්‍රොස් ශූරතාව, කමාන්ඩෝ චැලේන්ජ් ශූරතාව හා අනෙකුත් සියලුම තරගයන්හි අනුශූරතාව දිනාගත්හ.
2013 විජයබාහු මෝටර්ක්‍රොස් හා 2016 සැපර් ජිම්පෝ මෝටර්ක්‍රොස් තරගාවලියන්හි සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්‘මාන දිනාගත් අතර, නොඩකවා වසර 03ක් සහ 2016 වසරේ යුධ හමුදා වර්ණවලින් පිදුම් ලබාඇත.
ඉදිරියට සහභාගිවන තරග
2017 වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ෆොක්ස්හිල්, කැවල්රි, ගනර්, ගජබා, වළව යන සුපර්ක්‍රොස් තරගාවලි හා සීගිරි රැළික්‍රොස්, කමාන්ඩෝ අභියෝගතා කුසලානය, සැපර්ස් ජිම්පෝ හා නුවරඑළිය මෝටර් ක්‍රොස් යන තරගාවලි සියල්ලන්ගේම 250 සී.සී.රේසිං විවෘත, 125 සී.සී. රේසිං විවෘත ඉසව් සහ ආරක්ෂක සේවා තරගාවලියේ 125 සී.සී. කාණ්ඩය. තවද යුද හමුදාවෙන් හෝ වෙනත් ආයතනයක අනුග්‍රහය ලැබුණහොත් සුපර්මොටෝ තරගවලට සහභාගිවීමේ අපේක්ෂාවෙන් සමීර පසුවෙයි.
උදවු කළ අය
2011 වසරේ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලියේ 125 කාණ්ඩය යටතේ මෝටර්ක්‍රොස් තරග සඳහා අවතීර්ණවීමට එවකට රෙජිමේන්තු ප්‍රධානී සිටි මේජර් ජෙනරාල් ආර්.වී.සමරතුංග මහතාගේ අනුදැනුම හිමිව ඇත. ඊට අමතරව එවක සිටි සේනාවිධායකවරුන් වන ලුතිතන් කර්නල් ඒකනායක, දෙවන ලුතිනන් ඊ.ජී.රණසිංහ යන නිලධාරීන් මෝටර්ක්‍රොස් තරග සඳහා ඉදිරිපත් කිරීමට මහත් වෙහෙසක් දැරූ අය වෙති.
තවද 2011 සිට සියලුම රෙජිමෙ‘න්තු අධිපතිවරුන් සහ සේනාවිධායකවරුන් යතුරු පැදි හා එම යතුරු පැදි අමතර කොටස් ගැන දැනුම ලබාදී ඇත. එමෙන්ම වත්මන් යුද හමුදාපති විජයබාහු රෙජිමෙමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ඒ. කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිලධාරී හා සේනා විධායකවරුන්, බ්‍රිගේඩියර්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉහත ජයග්රාහණ ලබාගැනීමට ශක්තියක් වී ඇත.
අනාගත බලාපොරොත්තු
250 සී.සී.රේසිං කාණ්ඩයෙන් වසරේ දක්ෂතම ක්‍රීඩකයා වී යුද හමුදාවටද විජයබාහු පාබල රෙජිමේන්තුවටද කීර්තියක් අත්පත්කරදීම හා කුමන හෝ ආයතනයක අනුග්‍රහය මත ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදීම.