පාපන්දු සංගමයේ හිටපු සභාපති මනිලාල් ප්රනාන්දු මහතා තමන්ට එරෙහිව රුපියල් බිලියන 2 ක වන්දියක් ඉල්ලමින් නඩු ගොනු කර ඇතැයි යන්න පිළිබඳව තමන් නොදන්නා බව ශ්රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රොද්රිගෝ මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය. හිටපු සභාපතිවරයා රංජිත් රොද්රිගෝ මහතාගෙන් වන්දි ඉල්ලීම පිළිබඳව 'අද' කළ විමසුමකට ප්රතිචාර ලෙස ඔහු මෙම අදහස් දැක්වීය.
"මේ ගැන මුකුත් කියන්න දැනට මම මොනවත් දන්නේ නෑ. කවුරු නඩු දානවද කියලා මම කොහොමද දන්නේ" යැයි හෙතෙම සඳහන් කළේය.