මෙන්ඩිසුත් බිග්බෑෂ් යයි
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග පන්දුවාර 20-20 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත.ඒ අනුව අජන්ත, තම දායකත්වය සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ලබා දී ඇත. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා මීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන්ද එක් විය.
අජන්තගේ සම්බන්ධ වීමත් සමග බිග්බෑෂ් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සිවුදෙනෙකු දක්වා වර්ධනය විය. ඔහුට අමතරව ඩිල්ශාන්, මාලිංග සහ මුරලි, බිග්බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරන අනෙක් ශ්‍රී ලාංකිකයෝ වෙති. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහ කටයුතු කරයි.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රෙව්ගකාරී පිතිකරු ඩ්වෙන් ස්මිත්ද බිග්බෑෂ් ලීග තරගාවලියට එක්වීමට ගිවිසම් අත්සන් කර ඇත. ඒ අනුව ඔහු පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සිය දායකත්වය ලබාදෙනු ඇත. තරගාවලිය එළඹෙන 20 වැනිදා ආරම්භ වීම නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

