මුරලිත් බෑ කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සඳහා උපදේශකයෙක් ලෙස එක්වෙන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් කල ඉල්ලීම මුත්තයියා මුරදරන් විසින්ද ප්‍රතික්ෂේප කර තිබේ.
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම, අරවින්දද සිල්වා හා මුත්තයියා මුරලිදරන්ට උපදේශකයන් ලෙස එක්වෙන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (14දා) ආරාධනා කළේය.
මහේල ජයවර්ධන සඳහන් කළේ තමන්ට යාන්ත්‍රණය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් කාලය කා දැමීම වෙනුවෙන් තමන්ව භාවිත නොකරන ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පතුළටම කඩා වැටෙන තෙක් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උපදෙස් ලබා නොගැනිම ගැන කනගාටුවෙන බවත් මුත්තයියා නිවේදනයකින් පවසා තිබේ.
ක්‍රිකට් පරිපාලනය වගකීමෙන් අනුව කටයුතු කරයි නම් තමන්ට ලෝකය පුරාම පුහුණුකරු රාජකාරී තිබුණත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙලාව වෙන් කිරීමට කිසිවිටකත් පසුබට නොවන බවද මුරලි සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


