අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2016 වසරේදි Hall of Flame තනතුරට (ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සෙවය අගයා ලබ දෙන ඉහළම තනතුර) පත්කළ ශ්‍රී ලංක හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට නිල වශයෙන් එම තනතුරේ පිහිටුවීම ජුනි මාසයේදි එංගලන්තයේදී සිදුකිරීමට නියමිතය.
එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සමගාමීව මෙය සිදුවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Flame තනතුරට පත්වූ පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද මුත්තයියා මුරලිදරන්ය.
එක්දින පිටියේ මෙන්ම ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. මුරලිදරන් ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වශයෙන් දින 1711ක් පෙරමුණ ගෙන තිබේ.