'සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි' යැයි ගැමි වහරේ කියමනක් පවතියි. ඒ මුදලට කළ නොහැකි දේවල් ඇත්තේ සීමිත ප්රමාණයක් හෙයිනි. මුදලට බොහෝ දේ පාවා දෙන සමාජයක මුදල් අතැර සිය ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳව කියැවෙන කතාවකි මේ.
දකුණු අප්රිකානු කණ්ඩායමේ පිතිකරු හෂීම් අම්ලා මුස්ලිම් ජාතිකයෙකි. ඔවුන්ගේ ආගම අනුව සුරාව භාවිතය, අලෙවිය මෙන්ම ප්රචාරණයද තහනම්ය. අම්ලා මෙම නීතිය අකුරටම පිළිපදින ක්රීඩකයෙකි.
|
අම්ලාගේ දකුණු අප්රිකා ජර්සියෙන් මත්පැන් ප්රචාරණ දැන්වීම් ඉවත් කර තිබේ.
|
දකුණු අප්රිකා කණ්ඩායමට ලෝක ප්රසිද්ධ මත්පැන් වර්ගයක් අනුග්රහය දක්වන අතර අම්ලා සිය නිල ජර්සියේ එම නම යොදාගෙන ක්රීඩා නොකරයි.
එසේම අම්ලා මෙවර ඉන්දියන් ප්රිමියර් ලීග තරගාවලියට ක්රීඩා කරන්නේ කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමටයි. එම කණ්ඩායමටද ලෝක ප්රසිද්ධ මත්පැන් සමාගමක් අනුග්රහය දක්වයි.
ඒ සඳහා වන දැන්වීම කිංග්ස් ලෙවන් පංජාබ් ජර්සියට ඇතුළත් කර තිබෙයි. කෙසේ වෙතත් අම්ලාගේ ජර්සියෙන් එය ඉවත්කර තිබේ. අනුග්රාහකයන්ගේ දැන්වීම් සිය ජර්සියක පැළදිමට ක්රීඩකයන් කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට හිමිවන කොන්ත්රාත් මුදලින් කිසියම් අඩුකිරිම් සිදුකරන බවද වාර්තාවෙයි.
|
කිංග්ස් ලෙවන් පංජාබ් ජර්සියෙන්ද ඔහු මත්පැන් ප්රචාරණ දැන්වීම් ඉවත්කොට තිබේ.
|
ඒ අනුව අම්ලා සිය ජර්සියන්හි මත්පැන් අනුග්රාහකයන්ගේ දැන්වීම් යෙදීමට කටයුතු නොකරන හෙයින් ඔහුට හිමිවන මුදල් වලින් කොටසක්ද අහිමිවෙයි.
එසේම මම බුද්ධාගම, ක්රිස්තියානි, මුස්ලිම්, හින්දු යනුවෙන් කටමැත දොඩවා ඒ ඒ ආගම් අනුව කටයුතු නොකර ප්රසිද්ධියට පමණක් ආගම අදහන බොහෝ දෙනෙකුටත් අම්ලා හොඳ ආදර්ශයක් ලබාදී තිබේ.