ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම ලකුණු 337ක් රුස්කරගෙන සිටියේය. ඒ අනුව පාකිස්තානුවෝ ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 123 ක් ඉදිරියෙන් පසුවේ.
යුනිස් ඛාන් සහ පාකිස්තානු නායක මිස්බා උල් හක් හතරවැනි කඩුල්ලට ලකුණු 201ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.යුනිස් ඛාන් ලකුණු 136ක් වාර්තා කරමින් ඊයේ සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 23 වැනි ශතකය වාර්තා කළ අතර මිස්බා සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. දෙවැනි දිනය අවසාන් වනවිට මිස්බා නොදැවී ලකුණු 105 ක් රුස්කරගෙන සිටි අතර, අසාඩ් ශාෆීක් ලකුණු 12 ක් රුස්කරගෙන සිටියේය. පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 65 අවසානයේ සියල්ලන් දැවී පළමු ඉනිම වෙනුවෙන් රුස්කිරීමට හැකිවූයේ ලකුණු 204ක් පමණි.
ශ්රී ලංකාව පළමු ඉනිම 204/10 (පන්දුවාර 65)
ඇන්ජලෝ මැතිව්ස් 91(පන්දු 127, 4x15)
දිමුත් කරුණාරත්න 38 (පන්දු 6, 4x5)
ජුනයිඩ් ඛාන් 58/5 (පන්දවාර 20)
බිලාවල් බහට්ටි 65/3 (පන්දුවාර 15 )
පාකිස්තානය පළමු ඉනිම 327/4 (පන්දුවාර 109)
යුනිස් ඛාන් 136 (පන්දු 198, 6x1, 4x19)
මිස්බා උල් හක් (නොදැවී) 105 (පන්දු 250, 4x13)
ශමින්ද එරංග 63/2 (පන්දුවාර 24)
සුරංග ලක්මාල් 84/1 (පන්දුවාර 27)