ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර රංචිහි අද (17දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාවට හැකිවිය. තරගය අයි.සී.සී. කාන්තා ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි. ඉනිමේ හොඳම ඉනිම ක්‍රීඩාකළ ඩිලානි මනෝදරා නොදැවී ලකුණු 43 ක් රැස්කළ අතර, ආරම්භක පිතිකාරිනී ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 37 ක් රැස්කළාය. ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ප්‍රබලම පීඩනය එල්ල කළ දීප්ති ශර්මා කඩුලු 04/23 ක් දවාළීය.
ලකුණු 179 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකාරියෝ තරගයේ 43.1 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකරයාමට සමත් වූහ. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායිකා මිතලි රාජ් නොදැවී ලකුණු 53 ක් රැස්කළාය. ඇයට අමතරව ස්මිර්ති මධානා (46) හා හර්මාන්ප්රීට් කාවුර් (41) පිත්තෙන් දක්ෂතා දක්වමින් ජයග්‍රහණය පහසු කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්දිකා කුමාරි කඩුලු 04 ක් දවාළීමට සමත් වූවාය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව