සිය ටෙස්ට් දිවියේ හත්වනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
මෙම ඉනිම මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම ප්රෙක්ෂකයන්ද අද දිනයේදී බලාපොරොත්තු වූ ඉනිමක් විය.
ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 107දී බිඳ වැටුණු අතර ඉන් අනතුරුව පිටයට එක්වූ කුසල් හා එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම 242ක් දක්වා ගෙන ආවේය. ඉන් අනතුරුව හයවැනි කඩුල්ල ලෙස කුසල් දැවී ගියේය.
ඡායාරූප ශාන්ත රත්නායක