දකුණු ආසියානු ක්රීඩා උළෙලකදී පිහිනුම් ක්රීඩාවෙන් වැඩිම රන් පදක්කම් දිනූ ශ්රී ලාංකික ක්රීඩකයා බවට පත්වීමට 18 හැවිරිදි මැතිව් අබේසිංහ අද (10දා) සමත්විය. ඔහු මේ වනවිට පිහිනුම් ඉසව් තුළින් රන් පදක්කම් 07 ක් දිනාගෙන සිටින අතර, ඒ හේතුවෙන් මීට පෙර 1991 වසරේ පැවති දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවේ ජූලියන් බෝලිං රන් පදක්කම් 06 ක් දිනාගෙන තබා තිබූ වාර්තාව බිඳ වැටුණි.
මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී මැතිව් අබේසිංහ මීටර් 200 නිදහස් ආර, මීටර 100 සමනළ ආර, මීටර් 100 නිදහස් ආර, මීටර් 400 නිදහස් ආර, මීටර් 50 නිදහස් ආර හා සහාය පිහිණුම් තරග 2 කදී රන් පදක්කම් දිනාගැනීමට සමත්විය.
මේවනවිට දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී විදේශයක පැවති තරගාවලියක ඉහළම රන් පදක්කම් දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව ඇති අතර, රන් පදක්කම් 21 ක් රිදී පදක්කම් 45 ක් හා ලෝකඩ පදක්කම් 61 ක් දිනාගනිමින් සමස්ත පදක්කම් 127 ක් දිනාගැනීමට සමත්ව තිබේ.