මැක්ස්වෙල් පංජාබයට ජය ගෙනෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු හයක පහසු ජයක් වාර්තා කිරීමට පංජාබ් කණ්ඩායම සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු පහකට ලකුණු 205ක් රැස් කරමින් පංජාබ් කණ්ඩායමට ලකුණු 206ක ඉලක්කයක් ලබා දුන්නේය.
ග්ලේන් මැක්ස්වෙල් හා ඩේවිඩ් මිලර් සිවුවැනි කඩුල්ලට ගොඩ නැංවූ ලකුණු 115ක වේගවත් සබඳතාවය හේතුවෙන් පංජාබ් කණ්ඩායමේ ජය තහවුරු විය.
මැක්ස්වෙස් මෙහිදී ලකුණු 95ක් රැස් කිරීමට සමත්වූ අතර එය ඔහුගේ පන්දුවාර විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයද විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
චෙන්නායි 205/4 (පන්දුවාර 20)
ඩ්වෙන් ස්මිත් 66 (පන්දු 43, 6x3, 4x6)
බ්‍රෙන්ඩන් මැකලම් 67 (පන්දු 45, 6x5, 4x4)
එම්.එස්. දෝනි 26 (පන්දු 11, 6x1, 4x3)
ලක්ෂ්මිපති බලාජි 2/43 (පන්දුවාර 4)
පංජාබ් 206/4 (පන්දුවාර 18.5)
මැක්ස්වෙල් 95 (පන්දු 43, 6x2, 4x15)
ඩේවිඩ් මිලර් 54 (පන්දු 33, 6x3, 4x3)
විරේන්ද්‍ර ශෙවාග් 19 (පන්දු 10, 4x4)
අශ්වින් 4/41 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

